දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති 1939-45 වකවානුවෙන් පසුව ඇති වූ ඉතාම අවාසනාවන්ත හා දුක්ඛිත තත්වයට අපේ රට ඇද දැමුන, විදේශ විනිමය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, බැංකු ද්‍රවශීලතා අර්බුදය, ණය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, දේශපාලන හා ආණ්ඩුක්‍රම අර්බුදය යන අර්බුද ගණනාවක සංයුක්තයක් වූ 2022 අප්‍රේල්-ජූලි කාලයේදී උච්චස්ථානයට පත් වූ තවමත් නොවිසඳී ඇති අර්බුදය හා ඉන් ජය ගතහැකි මග පැහැදිලි කරන කෘතියකි.
