Discussions on contemporary socio-economic issues / කාලීන සමාජ - ආර්ථික කරුණු පිලිබඳ සාකච්චා / தற்போதைய சமூக-பொருளாதார பிரச்சினைகள் பற்றிய விவாதங்கள்

අපේ රටේ ජනගහනයෙන් තුනෙන් පංගුවක ආහාර සුරක්‍ෂිතතාව අවදානමේ.  ඔවුන්ට ප්‍රමාණවත් පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන්නේ නැහැ.  එහි අනිටු ප්‍රතිඵලය, කායික හා මානසික වර්ධනයේ පිරිහීමයි.  මෙවැනි පරිහානීය පරිසරයක් තුළ කෙනෙක්  කොහොමද තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්නේ?  ජීවිතය දිනන්නේ?  ජව බල සම්පන්න නිරෝගී ජනතාවක්  නොමැතිව ඉදිරි ගමනක් නැහැ. පළමුවෙන්ම ආහාර සුරක්‍ෂිතාව තහවුරු කළ යුතුයි. ආහාර සුරක්ෂිතතාව කියන්නේ සැම දෙනාටම, හොඳ තත්ත්වයේ පෝෂණීය ආහාර, අවශ්‍ය තරමට ලබා ගැනීමට ඇති හැකියාව යි.  පෝෂ්‍යජනක ආහාර වේලක කොටසක් හැටියට,  හැම ගෙදරකම බතක් ඉදෙන්නට ඕනෑ. 

“එක යායක් එක කළමනාකරණයක්” වැඩ පිළිවෙලට තමයි ඒ විශ්වකර්ම කාර්යය කරන්න පුළුවන්.

Share.
Leave A Reply